සිරිසේන පිස්සෙක්, අවජාතකයෙක්, කොකේන් ගහලා සිහිවිකල්ලෙන් දොඩවනවා! 13ට 17ට වඩා 19 සුපිරියි උත්තරීතරයි! – ජනාධිපතිට අමිල හිමිගෙන් ලිට්‍රෝ ගෑස් ප්‍රහාරයක් (video)

February 26, 2019 at 12:28 pm | by admin

සිය ජීවිත කාලය තුළ හොඳම ව්‍යවස්ථා සංශෝධනය 19 වෙනි සංශෝධනය බවත් ඒ ඔස්සේ රටට ලැබුණු ව්‍යවස්ථාදායක සභාවට බැණ වදින ජනාධිපතිවරයා පිස්සකු මන්දමානසික පුද්ගලයකු කොකේන්කාරයකු ලෙස හැසිරෙන්නේ යැයි පූජ්‍ය දඹර අමිල හිමි පවසයි.

අනුරාධපුරදී පැවති “කුමන්ත්‍රණය අවසන්ද?” නමින් වූ සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයේ දී එහිමියෝ මෙසේ පැවසූහ.

“අපි දන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඒ වගේ අවස්ථා එකයි හෝ දෙකයි තියෙන්නේ. 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හොඳ එකක්. හොඳ ප්‍රවේශයක් ගත්තා. ඊළගට ආවා 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. එකෙන් තමයි ස්වාධීන කොමිෂන් සභාවන් ටික ආවේ. හොඳම එක තමයි 19 වෙනි සංශෝධනය. 17 ආපහු බලගන්වලා. තවත් ඒකට අතිරේක බලයක් එන විදියට වෙනස් කම් කරලා, සෑහෙන ප්‍රතිසංස්කරණයකට පියමන් ඔසවපු හොඳම ව්‍යවස්ථා සංශෝධනය මේක.”

අපචාරයට ලක්ව ඇත්තේ 19 වෙනි සංශෝධනය නොව එදා තමා එකඟ වූ ප්‍රතිපත්තිවලට එරෙහිව කටයුතු කරන ජනාධිපතිවරයා යැයි අමිල හිමි පවසයි. ජනතාව පත් කළ නායකයා අද පිස්සෙක් සහ අවජාතකයෙක් බවට පත්ව කොකේන් පානය කළා දෝ යන සැකය ඇති වන තරමේ මන්දමානසික තත්ත්වයකට පත්ව ඇතැයි ද චෝදනා කරයි.

2015 ජනාධිපතිවරණ ජයග්‍රහණය තුළ NGO සල්ලි හෝ අධිරාජ්‍යවාදී මුදල් නොතිබුණේ යැයි ද උන්වහන්සේ පැවසූහ. කෙසේ වුවද ‘ලංකාව ඇතුළු රටවල් තුනක ආණ්ඩු පෙරළීමට ඇමරිකාව ඩොලර් ලක්ෂ 585ක් වැය කළ බව ඇමරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් ​ජෝන් කෙරී ප්‍රකාශ කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *