ගෝඨා පරාජය කරන්න දෙස් විදෙස් වශයෙන් කළ හැකි සියල්ල කරනවා! – දඹර අමිල හිමි (video)

August 23, 2019 at 4:51 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන්නේ නම් සිවිල් සංවිධාන ඔහුට සහාය ලබා නොදෙන බවත් ඔහු ජනාධිපති ධුරයට පත්වීම වැළැක්වීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී සීමාව තුළ දෙස් විදෙස් වශයෙන් ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවත් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ දඹර අමිල හිමි පවසයි.

පසුගිය දිනක ගෝඨාභය රාජපක්ෂ දළදා මාළිගාවට පැමිණි අවස්ථාවේ එය භාරව කටයුතු කරන භික්ෂූන් වහන්සේලා ඔහු රජකු ලෙස පිළිගෙන දළදා මාළිගා පරිශ්‍රය සාමාන්‍ය ජනතාවට පැය තුනකට අධික කාලයක් වසා දැමූ බවත් අවසානයේ ජනතාව මාළිගාව වෙත කඩා වැදුණු බවත් එහිමියන් සඳහන් කළේය.

සිරිමහ බෝධිය ඉහළ මළුවටම ගොස් ශිරන්ති රාජපක්ෂ වැඳගත් ආකාරයටම රටේ සියලු කාන්තාවන්ට ඒ අවස්ථාව ලබා දිය යුතු බව පැවසූ අමිල හිමි එසේ නොදෙන්නේ නම් මහින්ද රාජපක්ෂලා අටමස්ථානාධිපති හිමියන්ගේ හිසට පිස්තෝලයක් තබා බලහත්කාරයෙන් එම අවස්ථාව ලබාගත්තේ යැයි තමන් සිතන බව ද පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් රට පුරා කටවුට් ඉදිකරමින් මහජන ධනය විනාශ කරන බව ද එහිමියන් පැවසීය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස