මේ රටේ අර්බුදයට හේතුව මුස්ලිම් ජනතාවට වෙනම නීති හැදීමයි! අසාද් සාලිලා තමන්ගේ බේරිල්ලට ජාතිවාදය වපුරනවා! – ප්‍රසන්න රණතුංග

May 25, 2019 at 9:47 pm | by admin

රටේ ඇත්තේ එක නීතියක් බවත් බල්ලන් යොදවා පල්ලි පරික්ෂා කිරීමට එපා යැයි අසාද් සාලිට කිව නොහැකි බවත් අවශ්‍ය නම් බල්ලන් යොදවා පන්සල් දේවස්ථානයක් පමණක් නොව පල්ලි ද පරික්ෂා කළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග පවසයි. අසාද් සාලිලාට වෙනම නීති හදන්නට යාම මේ රටේ වර්තමාන අර්බුදයට හේතුව බව ද හෙතෙම පවසයි.

රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය ප්‍රතික්ෂේප කිරීමට මගහැරීමට උත්සාහ කරන ආණ්ඩුවේ මැති ඇමතිලාට එළඹෙන මැතිවරණය තරඟ කිරීමට නොව හෙට අනිත්දා මරණේ ගෙදරටකට පවා ගොඩ වීමට නොහැකි වන බවත් මිනිසුන් ගහලා පන්නන බවත් මන්ත්‍රීවරයා පවසයි.

මිනුවන්ගොඩ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් පිරිසට ඇප ලබා දීම පිළිබඳ ප්‍රකාශ නිකුත් කරමින් අසාද් සාලි ජාතිවාදය ඇවිස්සීමට කටයුතු කරන බවත් මේ ප්‍රකාශය නිසා සිංහල ජනතාව නැවත ප්‍රකෝප වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි. මේ ආකාරයට අසාද් සාලිලා ජාතිවාදය අවුස්සන්නේ තමන්ගේ ගැලවීම සඳහා බවත් ඔහු පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස