මැයි 08 දක්වා ගෝඨා ද්විත්ව පුරවැසියෙක්! ඒ නිසා ජනපති විය යුත්තේ මමයි! – සජිත් ස.ජ.බ. අධිකරණයට යවයි…

May 11, 2020 at 9:37 am | by emanisa.lk

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පසුගිය සිකුරාදා නිකුත් කරන ලද ෆෙඩරල් රෙජිස්ටරය පදනම් කර ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම තනතුරෙන් ඉවත් කර, පසුගිය ජනාධිපතිවරණයේ දී දෙවැනි තැනට ඡන්ද ලබාගත් සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරයට පත් කර ගැනීම සඳහා අධිකරණය ඉදිරියට යෑමට ජාතික සමගි ජනබලවේගයේ ප්‍රබලයන් පිරිසක් සූදානම් වන බව වාර්තා වේ.

එම රෙජිස්ටරයයෙහි ඇතුළත් අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත් පුද්ගලයන්ගේ නාම ලේඛනයට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමෙරිකානු ද්විත්ව පුරවැසිභාවය අහෝසි වී ඇත්තේ මෙම වසරේ මැයි මස 08 දා ය යන තර්කය මත අධිකරණය හමුවට ගොස් රාජපක්ෂගේ පුරවැසිභාවය නැවත වරක් ප්‍රශ්න කිරීමට මෙම සාකච්ඡාවල දී යෝජනා වී තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ෆෙඩරල් රෙජිස්ටරය අලුත් ම කලාපය නිකුත් වූ පසුගිය සිකුරාදා හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ ගැන ඉඟියක් පළ කළේ ය. ඔහු එහි දී පෙන්වා දී තිබුණේ ගෝඨාභය රාජපක්ෂ පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විට ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය අහෝසි වී නොතිබුණු බැවින් ඔහු ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම වයවස්ථාව උල්ලංඝනය කර ඇති බවයි.

ඒ අනුව ද්විත්ව පුරවැසියකුව සිටිමින් රාජපක්ෂ ජනාධිපතිවරණයට තරග වැදී ඇති හෙයින් ඔහුගේ පත්වීම අධිකරණ ක්‍රියාමාර්ග මගින් අහෝසි කර සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා ලෙසින් පිළිගත යුතු බව මෙම කණ්ඩායමේ අදහස වී තිබේ.

කෙසේ වුවද ගෝඨාභය රාජපක්ෂ සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගෙන මේ වන විට වසර දෙකක් පමණ වන අතර ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් අයගේ නාම ලේඛනය මාස කිහිපයකට වරක් පළවන ෆෙඩරල් රෙජිස්ටරයේ කොටස් වශයෙන් පළ කරයි.

ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් අයෙකුගේ නම එහි පළවන්නේ බොහෝ කාලයකට පසුය. මෙයට පෙර සිය ඇමරිකානු පුරවැසිකම ඉවත් කරගත් මිලින්ද මොරගොඩගේ නම ද ෆෙඩරල් රෙජිස්ටරයේ පළ වූයේ බොහෝ කාලයකට පසුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස