බුදු පිළිම කඩද්දී අපි ආණ්ඩුව ඇතුළේ අරගල කළා! කොටි නැඟිටිනවෝ කියලා විපක්ෂයේ මුග්ධ රැළ කෑ ගහපු නිසා බුද්ධි අංශ නොමග ගියා! – ඇමති පාඨලි

May 18, 2019 at 1:30 pm | by admin

මාවනැල්ලේ බුදු පිළිම කැඩීම, වනාතවිල්ලුව ආයුධ ගඩඩාව ඇල්ලීම, කබීර් හෂීම්ගේ ලේකම්වරයාට වෙඩි තැබීම, අප්‍රේල් 16 කාත්තන්කුඩියෝ අත්හදා බලන්න බෝම්බයක් පිපිරවීම ආදී අවස්ථාවල තමන් ආණ්ඩුව තුළ සිට අරගල කළ බවත් වගකිව යුතු අය ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුව තිබුණු බවත් ඇමති පාඨලි චම්පික රණවක පවසයි.

වව්නියාවේ පොලිසියේ දෙදෙනෙකු ඝාතනය කළ විට මෙන්ම බණ්ඩාරවෙල බස් රියක බෝම්බයක් පුපුරාගිය අවස්ථාවේ විපක්ෂයේ මුග්ධ රැළගේ දැඟලිල්ල නිසා බුද්ධි අංශ නොමග ගොස් මුස්ලිම් අන්තවාදය වෙනුවට කොටි සෙවීම ගැටලුවක් වූ බවත් ඇමතිවරයා සඳහන් කළේය.

තමන් හැම විටම රටේ සහ ජනතාවගේ අවශ්‍යතාව අනුව කටයුතු කළ බවත් 2015 ගත් තීන්දුව පිළිබඳ කිසිසේත් කනගාටු නොවන බවත් ඇමතිවරයා පැවසුවේ අරුණ පුවත්ප සමග සාකච්ඡාවකට එක් වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස