මාවනැල්ලේ බුදු පිළිම කැඩූ තවුහිද් ත්‍රස්තයෙක් චෙච්නියානු ගරිල්ලා පුහුණුව ලබලා!

July 7, 2019 at 8:29 am | by emanisa.lk

මාවනැල්ලේ බුදු පිළිම කැඩූ අන්තවාදී කණ්ඩායමට නායකත්වය දුන් අයියා මලෝ දෙදෙනා අතරින් අයියා චෙච්නියානු ගරිල්ලා පුහුණුව ලබා ඇතැයි විමර්ශනවලදී හෙළිවී ඇත.

අබ්දුල් සාහිඩ් නමැති මෙම අයියා මලෝ දෙදෙනාගෙන් වැඩිමලා තුර්කියට යවා තුර්කියෙන් චෙච්නියා ගරිල්ලන්ගේ පුහුණුව ලබාදී තිබේ.

මොහු ගරිල්ලා පුහුණුව සඳහා තුර්කියට යැවූ මුස්ලිම් අන්තවාදියා යුද හමුදාව මගින් කෑගල්ලේදී අත්අඩංගුවට ගෙන පොලිසියට භාරදී ඇතත් දීර්ඝ විමර්ශනයකින් තොරව පොලිසිය මගින් ඔහුව රිමාන්ඩ් භාරයට පත් කර ඇත.

මෙම ත්‍රස්තයා හා අයියා මලෝ කණ්ඩායම් පසුපස ජමාද් ඉස්ලාමීය සංවිධානය සිටින බවද තහවුරු වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස