මන්ත්‍රී හාමුදුරුවරුන්ගෙන් රටට කිසිම සෙතක් වුණේ නෑ! කිසිම භික්ෂූවක් පාර්ලිමේන්තුවට එවන්න එපා! – මිහින්තලේ නාහිමි ජනතාවගෙන් ඉල්ලයි…

December 29, 2019 at 11:30 pm | by emanisa.lk

ඉදිරි මැතිවරණයේදී කිසිදු ස්වාමීන් වහන්සේ නමකට ඡන්දය දීමෙන් වළකින ලෙස තමා ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකරන බව මිහින්තලේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමි පවසයි.

ඊයේ පස්වරුවේ මිහින්තලේ විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් ප්‍රකාශ කළේය.

“භික්ෂුව කියන්නේ රටේ හැරවුම් ලක්ෂය. උන්වහන්සේලාට පුළුවන් අවවාද අනුශාසනා දීලා මිනිසුන්ගේ මහජන මතය හොඳ තැනකට ගේන්න. නීති විරෝධී ක්‍රියා සිදුවනවා නම්, ඒ පිළිබඳ රටේ නායකයාට කියා දීලා නිසි මඟට ගත යුතුයි.

අද භික්ෂුව පාර්ලිමේන්තුවට ගිහිල්ලා එක පනතක් සම්මත කරලා තියෙනවාද? වෙසක් පෝය ගැසට් කරලා නෑ. චක්‍රලේඛයකින් තමයි වෙසක් පෝය ජාතික උත්සවයක් කළේ.

භික්ෂුව ඡන්දය ඉල්ලලා ගියේ වරප්‍රසාද ටික ගන්න. ළඟ එනවා මැතිවරණයක්, භික්ෂූන් වහන්සේලා ඡන්දය ඉල්ලන්න එයි. දෙන්න එපා
ට්‍රැක්ටරය ලකුණින් ඡන්දය ඉල්ලුවා, එක ඡන්දයක් ලැබුණේ නෑ. බුදු දහම සමච්චලයට ලක්කරන්න එපා. එක ස්වාමීන්වහන්සේ නමක් සුනඛයා ලකුණින් ඉල්ලුවා. අපේ ලකුණ වෙන්නේ ධර්ම චක්‍රය. පක්ෂවලින් ඉල්ලුවත් පාර්ලිමේන්තුවට නම් ගන්න එපා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස