ෆෙඩරල් දීලා ඉවරයි! සංහිඳියාවට බාධාවක් නිසා පෝය දවසේ පන්සලේ බෝධි පූජාව තහනම් කරලා!

February 1, 2019 at 2:24 am | by admin

මේ වන විට අරිසිමලේ විහාරස්ථානයට එරෙහිව මුස්ලිම් පිරිස් මහාධිකරණයේ නඩු පවරා ඇති බවත් මේ වන විට ෆෙඩරල් ලබා දී අවසන් බවත් උතුරු නැඟෙනහිර සහ තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පනාමුරේ තිලකවංශ නාහිමියෝ ප්‍රකාශ කළහ.

උන්වහන්සේ වැඩි දුරටත් මෙසේ පැවසූහ.

“දානේ ටික නෑ අපට. එක වේලයි අදටත් පමණක් ආරණ්‍යවල වළඳන්නේ. බොන්න වතුර ටික නෑ. යන්න වැසිකිළියක් නෑ කැලේට යන්නේ පමණක් තැන්වල. දානේ දෙන්න දායක පිරිසක් නෑ අපට. ගිය පෝය දවසේ අපේ බෝධිය අසල බෝධි පූජාව කරන්න හදන කොට පොලිසියෙන් ඇවිල්ලා කැරලි මර්දනයත් ගෙනැල්ලා බෝධි පූජාව කරන්න එපා කිව්වා. හේතුව මොකක්ද? සංහිඳයාවට බාධ වෙයිලු. සංහිඳියාව තියෙන අපට අද සංහිඳියාව උගන්වන්න එනවා. අරිසිමලේ සංඝාවාසය ඇතුළත් භූමියට මුස්ලිම් අය මහ අධිකරණයේ නඩු දාලා. ෆෙඩරල් දෙන්න ඕන නෑ. දීලා ඉවරයි. දේශපාලනයට නතු නොවුණු පටු වාසිවලට නතු නොවන භික්ෂුවක් හෙට දවසේ සංඝ සමාජයේ නායකත්වයට ගේන්න ඕන. එහෙම සඟ රජ කෙනෙක් බිහි වුණු දවසට අපට පුළුවන් වෙයි සිංහල ජාතියේ ප්‍රාණය අවදි කරන්න.”

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *