බුදු පිළිම වනසා නොනවතී! බෝ ගසක කඳේ පොතු ගලවා මරයි!

August 5, 2019 at 11:14 am | by emanisa.lk

වවුනියාව තේක්කවත්ත ළමා ක්‍රීඩාංගණය තුළ බුදුමැදුරක් ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අරමුණ ඇතිව ගම්වාසීන් විසින් රෝපණය කරණ ලද බෝධියේ බෝ ගස විනාශ කිරීමට කිසියම් පිරිසක් විසින් කටයුතු කොට ඇති බවට පසුගිය 3 වෙනි දා වවුනියාව පොලීසියට පැමිණිලි කොට තිබේ.

රාත්‍රී කාලයේ පැමිණි පිරිසක් බෝ ගසේ වටේට පොතු ගලවා ඉවත් කොට බෝධිය මැරෙන්නට සලස්වා ඇති බව එම පැමිණිල්ලේ සදහන් වෙයි.

වවුනියාව පොලීසිය පැවසුවේ ප්‍රදේශවාසීන් අතර නොසන්සුන් තත්ත්වයක් ඇති කිරීමේ අරමුණින් කඩාකප්පල්කාරීන් පිරිසක් විසින් මේ ක්‍රියාව සිදු කරන්නට ඇති බවයි. වවුනියාව පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස