බුදු දහම අනුව වැඩ කළ නිසා කොරෝනා වසංගතය ජයගත හැකි වුණා! – අගමැති

June 5, 2020 at 10:02 am | by emanisa.lk

කොවිඩ් වසංගතය ජයග්‍රහණයේ මාවතට යොමු කිරීමට හැකි වූයේ මුළු මහත් රටක් ලෙස එකාවන්ව කටයුතු කළ නිසාත්, බුදුදහමේ පෝෂණය මත පිහිටා ගුණ දහම් හා වත්පිළිවෙත් පිරීමත් නිසාත් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පොසොන් දින පණිවුඩයක් නිකුත් කරමින් පැවැසීය.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ. ජාතියක් ශිෂ්ට කළ, ජාතියක් පෞඪවත් කළ, ජාතියක් සංවර්ධනය කළ, ජාතියක් සංරක්ෂණය කළ බුදුදහමේ පදනම වැටුණු පරම පූජනීය පොසොන් පොහෝ දිනය දෙදාස් තුන්සිය විසි අට වෙනි වරට මෙවර උදා වේ.

දඹදිව අශෝක අධිරාජ්‍යයාගේ ආශිර්වාදයෙන් වැඩම කළ මිහිඳු මහ රහතන්වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිස එදා මිහින්තලේ අම්ඹස්තලයේ සිට දෙවන පෑතිස් මහ රජු වෙත දායාද කළ ශ්‍රී සදහම් ගඟුළ මෙරට දස දිසාවේ අස්සක් මුල්ලක් නෑර පැතිර යාමට ගත වූයේ කෙටි කලකි.

මෙම ධර්මවිජය පණිවිඩයත් සමග අවිද්‍යාවෙන් දුර්වර්ණ වී තිබූ සිංහල දීපය සත්‍යයේ දර්ශනයෙන් ඒකාලෝක විය. ඒ නිසා නිර්මල සංස්කෘතියක් හා සභ්‍යත්වයක් ඇති, ශිෂ්ට සම්පන්න ජාතියක් බවට පත් වූයේ කෙටි කලකිනි. එහි ප්‍රතිඵලයක් ලෙස මෙරට එක්සේසත් කළ ශ්‍රේෂ්ඨ නරපතියන්, රණකාමී සෙන්පතියන්, වනයේ තිබූ මහා කළු ගලට මෛත්‍රී, කරුණාව, සමාධිය වැනි උතුම් ගුණාංග එක් කළ විශ්මිත කලාකරුවන්, සොබාදහමේ අසිරිය කියා පෑ ශ්‍රේෂ්ඨ කවියන්මෙරට පෝෂණය කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස