පොහොට්ටුවෙන් බැරි වුණොත් අලුත් පක්ෂයක් හදාගෙන එනවා! – බද්දෙගම සමිත හිමි

January 25, 2020 at 11:04 pm | by emanisa.lk

භික්ෂූන් වහන්සේලාට ප්‍රධාන දේශපාලන පක්ෂවලින් නාම යෝජනා ලබා නොදෙන්නේ නම් විකල්ප ක්‍රියාමාර්ග වෙත යොමු වීමට සිදුවන බව දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රී බද්දේගම සමිති හිමි පවසයි.

‘දේශපාලනය කරන ස්වාමීන් වහන්සේලා සුළු පිරිසයි ඉන්නේ. මේ ආණ්ඩුව බලයට පත්වුණේ ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදයෙන්.

1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා මූලික අයිතිවාසිකම් තහවුරු කිරීම සම්බන්ධයෙන්.

මම ප්‍රාදේශීය සභාව, පළාත් සභාව, පාර්ලිමේන්තුව නියෝජනය කරලා තියෙනවා. ලංකා සම සමාජ පක්ෂයට ලැබෙන අපේක්ෂක කෝටාවෙන් තමයි මම ඉල්ලන්නේ.

තාම අපේක්ෂත්වය නොදෙනවා කියලා තීරණයක් නැහැනේ. එහෙම වුණොත් වෙනත් ක්‍රියාමාර්ගයකට යන්න වෙනවා කියලා පමණක් සාකච්ඡා කළා.’

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස