රතන හිමි බැහැ දකින්නට ගල්ලෙන බින්ද පාඨලිත් පැමිණෙයි!

June 3, 2019 at 10:43 am | by admin

ඇමති පාඨලී චම්පක රණවක අද උදෑසන (03) මහනුවර දළදා මාළිගාව අබියස උපවාසයේ නිරත අතුරලියේ රතන හිමිගේ සුවදුක් විමසන්නට පැමිණ ඇති අතර උන් වහන්සේට ශක්තියක් පිණිස එහි පැමිණි බව පවසා තිබේ.

ඊයේ ජනාධිපතිවරයා සමග රතන හිමියන්ගේ ඉල්ලීම් පිළිබඳ සාකච්ඡා කළ ඇමති පාඨලී පවසා ඇත්තේ රතන හිමිගේ සහ පොදුවේ රටේ ජනතාවගේ ඉල්ලීම්වලට කන්දිය යුතු බවය.

මෙම ගැටලුව තවත් ඉදිරියට ගියහොත් පහුගිය වසර පහේ රටේ සිදු වූ සංවර්ධනය සහ ආරක්ෂාව පිළිබඳ නොසලකා ජනතාව ඉදිරි මැතිවරණයේ දී ආණ්ඩුවේ අපේක්ෂකයාට එරෙහිව ඡන්දය ලබා දෙනු ඇතැයි පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමි මුණ ගැසී (01) පවසා තිබිණි.

2015 දී බදියුදීන්ලා සමග එක්ව මහින්ද රාජපක්ෂ පාලනය බිඳ දමා අපි ගල් ලෙන බිඳ දැමුවෙමු යැයි රට පුරා පෝස්ටර් ගැසුවේ ඇමති පාඨලීලාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස