ප්‍රධාන පක්ෂ එපා වුණු ජනතාව මහින්ද තෝරා ගත්තා! ජනතාව අපි මුරුංගා අත්තේ තිබ්බාට ඡන්දේ දෙන්නේ නෑ! ඒකට මහින්දලාට බැනලා වැඩක් නෑ! – ලාල්කාන්ත (video)

August 7, 2019 at 11:33 pm | by emanisa.lk

ප්‍රධාන දේශපාලන ධාරාවට විකල්ප බලවේගය වන්නට ජනතා විමුක්ති පෙරමුණ අසමත් වී ඇති බව එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

ප්‍රධාන පක්ෂ දෙක එපා වූ විට ජවිපෙ විකල්පය යැයි අප සිතා සිටිය ද ජනතාව තමන් තෝරා ගනී යැයි සිතුව ද එය සිදු නොවන බව හෙතෙම පවසයි.

ඡන්දයට පෙර තම පක්ෂයේ ක්‍රියාපිළිවෙත ජනතාව වර්ණනා කළ ද ඡන්දය පවත්වා ප්‍රතිඵල ගණනය කරන විට ඒ ජනතාව තමන්ට ඡන්ද ප්‍රකාශ කර නොමැති බව තහවුරු වන්නේ යැයි ඔහු පෙන්වා දෙයි.

ජනතාව ජවිපෙට ඡන්දය දුන්නත් නො දිනන බව පවසන අතර ජනතාව ඡන්දය නොදුන් නිසා තමන් නො දිනන බව ජවිපෙ පවසන බව ලාල්කාන්ත සඳහන් කරයි.

එහෙයින් මහින්දට, එජාපයට හෝ ශ්‍රීලනිපයට බැණ පලක් නැති බවත් අප ජනතාවට විකල්පයක් ලබා දීමට අසමත් වී ඇති බව අවබෝධ කර ගෙන වැරදි නිවැරදි කරගැනීමට කටයුතු කළ යුතු බවත් හෙතෙම පවසයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස