ජවිපෙන් ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක්!

July 6, 2019 at 10:27 am | by emanisa.lk

එක්සත් ජාතික පෙරමුණ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම පක්ෂවල ජනාධිපති අපේක්ෂකයන් පිළිබඳ සාකච්ඡා කරන පසුබිමක ජවිපෙන් ජනපති අපේක්ෂකයකු ඉදිරිපත් නොකිරීමට තීන්දු කර තිබේ.

එහෙත් සිවිල් සමාජය සමග එකතු වී සිවිල් සමාජය නියෝජනය කරන පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීන්දු කර තිබේ. ජවිපෙ සහ ඊට සම්බන්ධ සිවිල් සංවිධාන එකතු වී මහජන මධ්‍යස්ථානයක් ආරම්භ කර එමගින් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කීරීමට සූදානම් බව බිමල් රත්තනායක පුවත්පතකට පවසා තිබිණි.

මෙයට පෙර ජවිපෙ කේ.ඩී. ලාල්කාන්ත ප්‍රකාශ කර තිබුණේ 20 වෙනි සංශෝධනය සම්මත කර ජනාධිපති ධුරය අහෝසි කිරීමට නොහැකි වුවහොත් ජනාධිපතිවරණය තුන් කොන් සටනක් බවට පත් කරන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස