ගොරකා දඩමස් කරන පොලිසිය කියන දේවල් පිළිගන්න එපා! බීමත් යතුරු පැදිකාරිය මගේ වාහනේ හැපුණා! ලාල් කාන්ත සත්‍ය හෙළිකරයි! (video)

March 7, 2019 at 11:39 pm | by admin

ශ්‍රී ලංකාවේ පොලිසියට ගොරකා, දඩ මස් කරන්නත් දඩ මස්, ගොරකා කරන්නත් පුළුවන්. අපේ රටේ ජනතාව ඒ පිළිබඳව හොදින් දන්නවා. පොලිසිය කියන සියලු දේ ඇත්ත කියලා ජනතාව පිළිගන්න ඕනේ නෑ. එසේ නම් රටේ අධිකරණයක් අවශ්‍ය නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා පැවැසීය.

රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප ලැබීමෙන් අනතුරුව අද (7) අනුරාධපුර උසාවිය අසලදී මාධ්‍ය අමතා හෙතෙම තව දුරටත් මෙසේ පැවසීය.

“පසුගිය පළමු වැනිදා මා පැදවූ කැබ් රථය, යතුරු පැදියක ගැටී අනතුරක් සිදු වුණා. මම කණගාටු වෙනවා එම රිය අනතුර වළක්වා ගන්න බැරි වුණ එක ගැන. එක පැත්තකින් මා සතුටු වනවා මීට වඩා බරපතළ හානියක් නොවී එතුමියගේ ජීවිතේ මට බේරා ගන්න ලැබීම පිළිබඳව. එම මොහොතේ පාලනයෙන් තොරව පැමිණි යතුරු පැදිය තමයි මගේ වාහනයේ ගැටුණේ.

නීතියට අනුව මේ දේවල් සිද්ධ වුණා. අපිත් එක්ක එක එක ඇරියස් තියෙන අය ඉන්නවා. දේශපාලන ඇරියස් තියෙන අය ඉන්නවා, එක එක න්‍යාය පත්‍ර වල වැඩ කරන අයත් ඉන්නවා.

පොලිසියේ ඇතැම් වාර්තා පිළිබඳව අපට ප්‍රශ්නකාරී තත්ත්වයක් තිබෙනවා. ඒවා අපි නීතියෙන් අධිකරණයට ඒවා ඉදිරිපත් කරලා අධිකරණයෙන් විසඳ ගන්න බලාපොරොත්තු වෙනවා.”

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *