ජනමතයට ඉඩ ලැබෙන ජනාධිපතිවරණයත් අහිමි කරන්න ආණ්ඩුව ජවිපෙ එකමුතු වෙයි!

March 19, 2019 at 6:27 pm | by admin

ජනමත විචාරණයක් පැවැත්වීම මඟින් මෙම වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය කල්දැමීමට රජය උත්සාහ ගනිමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක‍ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.

එහෙත් ජනාධිපතිවරණය කල් දැමීමට රජයට කිසිම අවස්ථාවක් ඉඩ ලබා නොදෙන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්තා සංශෝධනය හරහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව රජය මේ වනවිට ජනතා විමුක්ති පෙරමුණ සමඟ සාකාච්ඡා ආරම්භකර ඇතැයි කී අබේවර්ධන මන්ත්‍රීවරයා ජනමත විචාරණයක් පැවැත්වීමට මේ වන විට යෝජනාවක් සම්මත කරගැනීමට රජය උත්සාහ ගන්නා බවද කීය.

ජනමත විචාරණයක් පැවැත්වීම හරහා රජය උත්සාහ ගන්නේ ජනාධිපතිවරණය නොපැවැත්වීම යැයි සඳහන් කළ ලක‍ෂ්මන් යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා මැතිවරණකල් දැමීමට රජයට කිසිඳු අවස්ථාවක් නොදෙන බවද සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස