පල්ලිවලින් අත්අඩංගුවට ගත් කඩු පිහි කිනිසි පොලිසිය නැවත භාරදෙයි!

August 6, 2019 at 11:13 pm | by emanisa.lk

පාස්කු දා සිදු වූ ප්‍රහාරය සමඟ මුස්ලිම් පල්ලිවල තිබී ආරක්ෂක හමුදාව සහ පොලිසිය අත්අඩංගුවට ගත් කඩු සහ පිහි, එම පල්ලිවලින් කළ ඉල්ලීමක් සමඟ උඩුනුවර වෙළම්බෝඩ පොලිසිය මඟින් නැවත පල්ලිවලට දී ඇත.

හජ්ජි උත්සවය සමඟ ගව ඝාතනයට මෙම ආයුධ අවශ්‍ය බව වෙලම්බඩ පල්ලිය මඟින් කළ ඉල්ලීමකට එම පොලිසියේ වැඩ බලන ස්ථාධිපතිවරයාගේ නිර්දේශය මත එම ආයුධ ලබා දී තිබේ.

ඒ අනුව කඩු හා පිහි 76ක් පොරෝ 13ක් මෙසේ ලබා දීමට පියවරගෙන ඇත.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශයකින් තොරව ලබා දී ඇති මෙම ආයුධ පිළිබඳව වෙළම්බෝඩ පොලිසියෙන් විමසීමේදී එවැනි සිද්ධියක් සිදු වී නොමැති බව ප්‍රකාශ කළ ද පොලිස් පොත්වල මෙම ආයුධ ලබා දී ඇති බව සටහන් කර ඇත.

වෙළම්බෝඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහනුවර දළදා පෙරහැර සඳහා රාජකාරියට ගිය පසු වැඩබලන ස්ථානාධිපතිවරයා මෙම ආයුධ ලබා දී ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස