ත්‍රස්තවාදීන් සහ ආයුධ සොයන හමුදා මෙහෙයුම් රට මැද අසාර්ථක වෙයි! මහනුවර මුස්ලිම් පල්ලි සහ ගම්මානවල සෝදිසියට ඇමති කිරිඇල්ල හලීම් බාන ඉඩ නොදෙයි!

May 3, 2019 at 5:34 pm | by admin

බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන් ශ්‍රී දළදා වහන්සේ වැඩ වාසය කරන මහනුවර සහ ඒ අවට අකුරණ, මැණික්හින්න, මඩවල, දිගන ප්‍රදේශවල මුස්ලිම් දේවස්ථාන හා මුස්ලිම් ගම්මාන පරික්ෂා කිරීමට ආරක්ෂක අංශවලට ඉඩ ලබා දී නැතැයි ත්‍රස්ත විරෝධි ජාතික එකමුතුව පවසයි.

මේ පිටුපස සිටින්නේ ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල සහ ඇමති අබ්දුල් හලීම් බව පවසන එහි මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි මෙය ජාතික ආරක්ෂාව දැඩි ලෙස අනතුරේ හෙළීමක් බව පෙන්වා දෙයි.

ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ විදේශීය අන්තවාදියකු 2015 වසරේ ලංකාවට ගෙනවිත් දේශනයක් පැවැත්වීමට ආරක්ෂක අංශ එරෙහි වන විට ඊට අවසර ලබාදුන්නේ ඇමති හලීම් බවත් ඔහු මෙන්ම ඔහුගේ සහෝදරයා මුස්ලිම් අන්තවාදයට සහ ත්‍රස්තවාදයට ආධාර අනුබල දුන් බව වගකීමෙන් පවසන බවත් එහිමියෝ පැවසූහ.

ඕන ගොනෙකුට යුද්ධ කළ හැකි බව කී ජාතියක් ජන්මයක් නැති ඇමති කිරිඇල්ල මුස්ලිම් ඡන්ද වෙනුවෙන් සිය රටත් ජාතියත් පවා දෙන එහිමියන් මෙම පල්ලිවල ද විශාල වශයෙන් අවි ආයුධ ඇතැයි තමා විශ්වාස කරන බව ද පැවසූහ. ප්‍රහාරයේ වගකීම ජනාධිපතිවරයාට පවරමින් දේශද්‍රෝහී ජාතිවාදී ගැටුම් අවුලන ලිපියක් පන්සල්වලට යැවීමට සැලසුම් කිරීමේ  චෝදනාව ද ඇමති කිරිඇල්ලට එල්ල වෙයි.

එසේම ආයුධ සමග අත්අඩංගුවට ගත් පිරිසට එරෙහිව හදිසි නීතිය යටතේ සංවිධානාත්මක අපරාධයක් කිරීමට සැලසුම් කිරීම යටතේ නඩු පැවරිය හැකි වුවද පොලිසිය තහනම් පිහි ආඥා පනත යටතේ නඩු පවරන බව ද එම නඩුවලින් ඉතාම සුළු දඩයක් ගෙවා නිදහස් විය හැකි බවත් පෙන්වා දුන්හ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස