සහරාන් දේශනයක් පවත්වා සිංහ කොඩිය ඉස්ලාම් දහමට හානිදායකයි කියලා! සහරාන්ගේ දේශනයට හිස්බුල්ලා ශාලාව දුන්නේ කවුද?

June 11, 2019 at 4:44 pm | by emanisa.lk

මේ අතර 2017 වසරේදී කොළඹ ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය තව්හිද් ජමාත් නායක සහරාන් හෂීම් සම්බන්ධයෙන් රහසිගත වාර්තාවක් සකස් කර තිබුණි. එම වාර්තාවේ කොටසක මෙලෙස දක්වා ඇත.

“කාත්තන්කුඩි හිස්බුල්ලා ශාලාවේදී සැකකරු (සහරාන් හෂීම්) ඉස්ලාම් ධර්මය සාමයට අයත් ධර්මයක් නොව නීතියට සම්බන්ධ ආගමක් බවත් එය කඩුවක් වැනි තියුණු දෙයක් බවත් ශ්‍රී ලංකා ජාතික කොඩිය ඉස්ලාම් ධර්මයට හානිදායක බවත් දක්වා තිබේ.”

එසේ නම් මුස්ලිම් පල්ලිවල තිබී හමු වූ කඩුවලින් සහරාන්ගේ ප‍්‍රකාශය සනාථ නොවන්නේද?

මුස්ලිම් කවුන්සිලයේ අමීන් නැමැත්තා ආරක්‍ෂක හමුදාව විසින් සොයාගත් කඩු ගැන පැවසුවේ නිවාසවල කඩු තබාගන්නේ ගැහැණු ළමයින් රැක ගැනීමට බවයි. මොවුන්ට දේශපාලනඥයන්ව රැවටුවාට ජනතාව රැවටිය හැකිද?

මෙහිදී නැගෙන බරපතල ප‍්‍රශ්නය නම් කාත්තන්කුඩි හිස්බුල්ලා ශාලාව සහරාන් හෂීම්ට දේශන පැවැත්වීම සඳහා ලබාදුන්නේ කව්ද යන්නයි.

දිවයින

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස