දහම් පාසල් වගේ මද්රාසා පාසල් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ නියාමනය කරන්න බැරි ඇයි? – ඇමති හර්ෂ

May 10, 2019 at 12:25 pm | by admin

මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් ඉදිරිපත් කළ මද්රාසා පාසල් නියාමන පනත හොඳ යැයි අමාත්‍ය හර්ෂ ද සිල්වා පවසයි.

කෙසේ වුවද එම පාසල් මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශය යටතේ නියාමනය කළ යුත්තේ ඇයි දැයි ඔහු ප්‍රශ්න කරයි. දහම් පාසල් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ නියාමනය වන විට මද්රාසා පාසල් එසේ නොකළ යුත්තේ ඇයි දැයි හෙතෙම විමසයි.

කෙසේ වුවද මෙම නියාමන පනත සැකසීමට අධ්‍යාපන අමාත්‍යංශය හෝ ජාතික අධ්‍යාපන ආයතනය සම්බන්ධ නොවූ අතර පාස්කු ප්‍රහාරයට පසු සියල්ල කඩිමුඩියේ සිදුව ඇත්තේ මුස්ලිම් ආගමික කටයුතු ඇමති අබ්දුල් හලීම්ගේ අධීක්ෂණය යටතේය.

පල්ලිවල කඩු ඇත්තේ තණකොළ කැපීමට යැයි පැවසුවේ මොහුය. එසේම නුවර අවට හමුදා මෙහෙයුම්වලට බාධා කළ බවට ද මොහුට චෝදනා ඇත.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස