පල්ලිවලට කඩු ගෙනාවේ සුසානභූමිවල තණකොල කපන්නයි! – මුස්ලිම් කටයුුතු ඇමති (video)

May 1, 2019 at 7:29 am | by admin

ඇතැම් පල්ලි වටා සුසානභූමි පිහිටා ඇති බවත් ඒවා වල් බිහි වූ පසු කැලෑ එළි පෙහෙලි කිරීමට එම පල්ලිවලට තිබූ ආයුධ පාවිච්චි කළ බව මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා පවසයි.

මෙම ප්‍රහාරය එල්ල කළ ජාතික තවුහිද් ජමාත් සංවිධානය මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කර නොමැති බව ද ඇමතිවරයා පැවසීය. මේ පිළිබඳ ආරක්ෂක අංශ පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යන බව ද හෙතෙම පවසයි.

කෙසේ වුවද 2015 සිට රට පුරා තවුහිද් ජමාත් පල්ලි 400ක් ඉදිකිරීමට මුස්ලිම් කටයුතු ඇමතිවරයා අවසර ලබා දී ඇති බවත් සම්ප‍්‍රදායික මුස්ලිම් ආගම ආරක්‍ෂා කිරීමට නොව අන්තවාදී පල්ලි බිහි කිරීමට ඔවුන් අවස්ථාව ලබා දී ඇති බවත් දයාසිරි ජයසේකර පවසයි.

කොළඹ නාගරික මන්ත්‍රීවරයකු වන එන්.එම්. තාජුඩීන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන්ගේ හිතවතෙකු බවත් ඔහු චීනයෙන් කඩු 300ක් ආනයනය කර ඇති බවත් කොම්පඤ්ඤ වීදියේ පල්ලියකින් හමු වූයේ එයින් කඩු 46ක් බවත් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

මුස්ලිම් ආගමික හා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්. ආර්.එම් මලික්ට අනුව ශ්‍රී ලංකාවේ ලියාපදිංචි මුස්ලිම් පල්ලි 2400ක් මෙන්ම ලියාපදිංචි නොකළ මුස්ලිම් පල්ලි 500කට අධික ප්‍රමාණයක් ඇත.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස