ඉස්ලාම් පල්ලි සංයමයෙන් පරික්ෂා කරන්නැයි හමුදාවට නියෝග! ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට කොන්දේසි මාලාවක්!

May 10, 2019 at 8:00 am | by admin

ඉස්ලාම් ආගමික පල්ලි පරීක්‍ෂාවට ලක් කිරීමේදී ඉතා සංයමයෙන් යුතුව කටයුතු කරන ලෙස රජය සියලුම ආරක්‍ෂක අංශ වෙත නියෝග කර තිබේ.

එම නියෝගය සමග ත්‍රිවිධ හමුදා සහ පොලිසිය ඇතුළු සියලු ආරක්‍ෂක අංශ ප‍්‍රධානීන් වෙත කොන්දේසි මාලාවක් ලබා දීමට ද රජය කටයුතු කර ඇත. රජයේ එම නියෝගය ඊයේ වන විට රටපුරා තිබෙන සියලු ආරක්‍ෂක අංශ මූලස්ථාන සහ මෙහෙයුම් මධ්‍යස්ථාන වෙත ලැබී තිබිණි.

ඉස්ලාම් ආගමික පල්ලි පරීක්‍ෂාවට ලක් කිරීමේදී ඉස්ලාම් සංස්කෘතියට හානි වෙමින් තිබීම හේතුවෙන් මුස්ලිම් ජනතාව අතර විරෝධයක් මතුවී ඇතැයි දේශපාලන ඇතුළු රටපුරා විවිධ ස්ථර නියෝජනය කරන මුස්ලිම්වරුන් විසින් මතවාදයක් ගෙනයෑම රජයේ මෙම තීරණයට හේතු වී තිබෙන බව ද සඳහන් වේ.

පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශ විසින් ඉස්ලාම් ආගමික පල්ලි පරීක්‍ෂා කිරීම්වලට විරෝධය දක්වමින් අද (10 වැනිදා) නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාව විරෝධතාවක නිතර වීමට සූදානම් වන බවද වාර්තා වේ.

මේ දක්වා සිදු කෙරුණු ඉස්ලාම් ආගමික පල්ලි පරීක්‍ෂා කිරීම්වලදී කඩු, කිනිසි, පිහි ආදී වශයෙන් තියුණු අවි ආයුධ සහ වෙනත් ප‍්‍රචණ්ඩකාරී උපකරණ එම පල්ලිවල තිබී සොයා ගැනීමට ආරක්‍ෂක අංශ පසුගිය දිනවල සමත් විය. කෙසේ වුවද එම කඩු තණකොළ කැපීමට ගෙන ආ බව මුස්ලිම් ආගමික කටයුතු ඇමතිවරයාගේ අදහසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස