පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයක් එල්ල විය හැකි නිසා කොච්චිකඩේ පල්ලියට නොයන ලෙස තම පියා දැනුම් දුන් පසු එම පුවත අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන් බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.
පෞද්ගලික රෝහලක ලෙඩ ඇඳේ සිටින සිය පියාගේ සුවදුක් බැලීමට පැමිණි පරණ සී අයි ඩී කාරයෙක් මෙම බෝම්බ කතාව මගේ පියාට පවසා ඇතැයි ද ඇමතිවරයා පැවසීය.
මේ අනුව අගමැතිවරයා අදාළ සිද්ධිය පිළිබඳ කිසිවක් දැන සිටියේ නැතැයි පැවසීම අසත්‍යයක් බව තහවුරු වෙයි.