රට පුරා දේවස්ථාන ඇතුළු හොටල් කිහිපයක පිපිරීම් මාලාවක්! දස දෙනෙක් මිය ගොස් විශාල පිරිසක් තුවාල ලබයි!

April 21, 2019 at 10:03 am | by admin

මිගමුව කටුවපිටිය දේවස්ථානය, කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, මඩකලපුව සෙවොන් දේවස්ථානය, ෂැංගිලා හෝටලයේ තෙවෙනි මහළ, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය සහ කින්ග්ස්බරි හෝටලය ඇතුළු ස්ථාන හයක අද උදෑසන පිපිරීම් ගණනාවක් සිදුව ඇත.

මේ වන විට ආරක්ෂක අංශ එම ස්ථානවල ආරක්ෂාව තරකර ඇති අතර ප්‍රහාරයෙන් තුවාල ලද විදේශියකය් ඇතුළු තුවාලකරුවන් සිය ගණනක් කොළඹ ජාතික රෝහල, කළුබෝවිල රෝහල ඇතුළු රෝහල් වෙත රැගෙන එමින් ඇත. ප්‍රහාරවලින් මේ වන විට 10 දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වෙයි.

අද ජේසුස් වහන්සේගේ නැවත උත්ථානය සමරන පාස්කු ඉරිදාවය. මෙම පිපිරීම් සිදුව ඇත්තේ පල්ලිවල දේව මෙහෙයන් සිදුවන අතරතුරය.

පිපිරීම් සිදු වූ ස්ථානවලට එක්රොක් වීම අනතුරුදායක නිසා එම ස්ථානවලට එකතු නොවී ආරක්ෂිත ස්ථානවල රැඳී සිටිමින් ආරක්ෂක අංශවල කටයුතුවලට සහාය වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ඉල්ලා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස