මීගමු පල්ලියේ ඝාතකයා බුදුන්ට අපහාස කළ රසීක් සමග මාධ්‍ය හමුවක!

April 23, 2019 at 10:13 pm | by admin

පසුගිය ඉරිදා මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් කතෝලික පල්ලියදී මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදියා ශ්‍රී ලංකා තව්හිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රසීක් සමග මාධ්‍ය හමුවක පෙනී සිටින ඡායාරූපයක් අන්තර්ජාලයේ හුවමාරු වෙයි.

මෙම මාධ්‍ය හමුව 2013 මාර්තු 20 වෙනි දින පවත්වා ඇත්තේ කොළඹ නිපෝන් හෝටලයේය. අබ්දුල් රසීක් යනු බුදුන් වහන්සේ මිනි මස් කෑ බවත්, තෙරුවන යනු මැණික් ගල් තුනක් බවත්, බුුදුන් වහන්සේගේ සර්වඥතා ඥානය පිළිබඳ ගැටලු ඇති බව ප්‍රකාශ කරමින් බුදුන්ට අපහාස කළ අන්තවාදියාය.

ආරම්භයේ දී මේ සියලු දෙනා ශ්‍රී ලංකා තව්හිද් ජමාත් සංවිධානයක් ලෙස කටයුතු කළ ද පසුව මොහොමඩ් සහරාන් ජාතික තව්හිද් ජමාත් සංවිධානය ආරම්භ කර තිබේ. මෙම ප්‍රහාරයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ ඔහුය.

තව්හිද් ජමාත් යනුවෙන් හැඳින්වෙන සියලු සංවිධාන ශ්‍රී ලංකාවේ අන්තවාදී IS හෙවත් ඉස්ලාමීය රාජ්‍යය මතවාද ප්‍රචලිත කිරීමෙහි නිරත වන ත්‍රස්ත සංවිධානය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස