දෙවෙනි රැල්ල රටට ඇවිල්ලා! රට පුරා අහඹු නියැදි පරික්ෂා කරන්න! – GMOA

July 15, 2020 at 11:40 am | by emanisa.lk

කොරෝනා දෙවෙනි රැල්ල පාලනය කිරීමට නම් රෝග වාහකයන් කඩිනමින් නිවැරදිව හඳුනාගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඒ සඳහා රටේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි අහඹු ලෙස තෝරාගත් නියැදිවල පී.සී.ආර්. පරීක්ෂණ කළ යුතු බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මේ සඳහා දේශපාලන නායකත්වය සහ කැපවීම, සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව සහ ක්‍රියාකාරීත්වය මෙන්ම ජනතාවගේ කැප වීම ද ඉහළ නැංවිය යුතු බව එම සංගමය පෙන්වා දෙයි.

පසුගිය සමයේ සිදුකළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 2000ට අඩු බවත් වසංගත රෝග ඒකකය සඳහන් කරන පරිදි පරීක්ෂණ 2500ක් කළ යුතු බවත් එහි සඳහන් වෙයි.

එසේම රෝගීන් වාර්තා වන කලාප රතු කලාප ලෙස නම් කර හුදෙකලා කොට රෝගීන් වාර්තා නොවන කලාපවලට රෝගය ඇතුළු වීම වැළැක්විය යුතු බවත් එමගින් වැඩි දුරටත් පෙන්වා දී තිබේ.

ජනතාව සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරමින් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කටයුතු කළ යුතු බව ද අවධාරණය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස