කන්දකාඩුවෙන් කොරොනා සමාජයට පැතිරීමේ අවධානමක්!… ජාසිංහ අනතුරු අඟවයි….

July 13, 2020 at 12:54 pm | by emanisa.lk

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිතයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් සාමාන්‍ය සමාජය තුළ සංචරණය කර ඇති නිසා ඔවුන් මගින් සමාජයට කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි.

එසේ සම්ප්‍රේෂණය වී ඇති නම් ඉදිරි දිනවල දී ආසාදිතයන් සාමාන්‍ය සමාජය තුළින් හමු වීමේ අවධානමක් ඇතැයිද ඔහු පැවසීය.

පුනරුත්තාපන මධ්‍යස්ථානවලින් ආසාදිත වූ පුද්ගලයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන්ගේ ගමන් බිමන් සම්බන්ධයෙන් ද බුද්ධි අංශ සොයා බලා ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම තත්ත්වය ඉක්මනින්ම පාලනයකට ගත හැකි මට්ටමේ එකක් බවද ඔහු කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස