කන්දකාඩුවල ඉන්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ රෝගීන්! මේ අය IDH ගෙනාවොත් නැති ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්! – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හමුදාපතිගෙන් දැඩි ප්‍රතිචාර….

July 11, 2020 at 11:43 pm | by emanisa.lk

කන්දකාඩු කොරෝනා රෝගීන්ට සෙසු රෝගීන්ට මෙන් සාමාන්‍ය රෝහල්වල ප්‍රතිකාර කිරීමේ හැකියාවක් නොමැති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පෙන්වා දෙයි.

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය කොරෝනා ප්‍රතිකාර රෝහලක් බවට පත් කිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දක්වන විරෝධයට ප්‍රතිචාර දක්වමින් යුද හමුදාපතිවරයා මෙසේ පැවසීය.

හමුදාපතිවරයා සඳහන් කරන්නේ මෙම කොරෝනා ආසාදිතයන් සාමාන්‍ය ජන සමාජයෙන් හඳුනා ගත් අය නොවන බවත් ඔවුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී පුනරුත්ථාපනය සඳහා අධිකරණය විසින් යොමු කර ඇති පුද්ගලයන් බවත්ය.

කොළඹ උණ රෝහල ඇතුළු වෙනත් තැනකට මෙම පිරිස ප්‍රතිකාර සඳහා ගෙන ආවොත් ඔවුන් පාලනය කිරීම සඳහා හැකියාවක් නොලැබෙනු ඇති බව පැවසූ හමුදාපතිවරයා එම රැඳවියන් සඳහා වෙන්නම ආරක්ෂාවක් සැපයිය යුතු බවත් කියා සිටියේය.

එවන් විශේෂිත තත්ත්වයන් යටතේ මොවුන් පාලනය කළ යුතු නිසා කන්දකාඩු නිරෝධන මධ්‍යස්ථානය රෝහලක් බවට පත් කරමින් ප්‍රතිකාර ආරම්භ කළ බව ඔහු සඳහන් කළේය.

කෙසේ නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියේ ප්‍රතිශක්තිය දුර්වල මට්ටමක ඇති මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ට හදිසි ප්‍රතිකාර අවශ්‍ය වුවහොත් කන්දකාඩුහි ශ්වසන ආධාරක යන්ත්‍ර පවා නොමැති බවයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මාධ්‍ය හමුවට එකතු වෙමින් පෙන්වා දුන්නේ මේ මොහොතේ උවමනා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන ආකාරයට PCR පරීක්ෂණ වැඩිපුර කිරීමට වඩා නිරෝධායනය කිරීම බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස