කන්දකාඩු සිට හබරාදුවට පැමිණි උපදේශකට කොරෝනා! මව බිරිඳ ඇතුළු අසල්වැසි පවුල් කිහිපයක් නිරෝධායනයට!

July 11, 2020 at 8:09 pm | by emanisa.lk

ගාල්ල, හබරාදුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් පසු ඔහුව IDH රෝහල වෙත යැවීමට පියවර ගත් බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කරයි.

මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ කන්දකාඩුහි පිහිටි මත්ලෝලීන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන නිලධාරියෙකුටය.

එම නිලධාරියාගේ මව සහ බිරිඳ සමග නිවසේ ජිවත්ව ඇති බවත් ඔවුන් ද නිරෝධායනයට ලක් කිරිමට පියවර ගත් බවත් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙකු සඳහන් කළේය.

මෙම උපදේශකවරයා ජිවත්වන නිවසට යාබද නිවෙස් කිහිපයක ජිවත්වන පුද්ගලයින්ද ස්වයං නිරෝධායනයට ලක් කොට ඇති බව එම නිලධාරියා සඳහන් කළේය.

මෙලෙස කොරෝනා වෛරසය ආසාදිත උපදේශකවරයාගේ බිරිඳ ගුරුවරියක් බවත් ඇය ගෝනාපිනුවල ප්‍රදේශයේ පාසලක රාජකාරි කටයුතු කරන බවත් සඳහන්ය.

එම ගුරුවරිය දින දෙකක් පාසැලේ රාජකාරි කටයුතු සඳහා පැමිණ ඇති බවත් ඇයගේ PCR පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් ඇගේ සමීප ආශ්‍රිතයින් වූ ගුරුවරුන් හා ළමුන් 25 දෙනෙකු ස්වයං නිරෝධායනට ලක් කොට ඇති බව ද ගෝනාපිනුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරියෙක් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස