කන්දකාඩුවලින් අලුත් කොරෝනා පොකුරක් මතුවෙයි! පැය 24ක් තුළ ආසාදිතයන් 57ක්!

July 9, 2020 at 6:05 pm | by emanisa.lk

කන්දකාඩු මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයන් 56 දෙනෙකු අද (09) හමු වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

එහි රැඳවියන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 450ක් PCR පරීක්ෂණ සඳහා යොමු කළ අතර ඒ අතරින් මේ පිරිස හඳුනා ගෙන තිබේ.

අද උදෑසන මාරවිල ප්‍ර දේශයෙන් ද ආසාදිත කාන්තාවක් හඳුනාගත් අතර ඇය ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක ලෙස කටයුතු කළ කාන්තාවකි. ඇය ද සමග අද හමු වී ඇති ආසාදිතයන් ගණන 57කි.

ඒ අනුව අද හවස 4 පමණ වන විට මෙරට මුළු කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 2151 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ වැලිකඩ බන්ධනාගාරයෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයා ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට ඒ වෙත යොමු කළ අයෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස