කන්දකාඩු ගිය ඥාතීන් 119ක් නිරෝධායනයට!

July 10, 2020 at 2:14 pm | by emanisa.lk

කන්දකාඩු මත්ලෝලී පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටින රැඳවියන් බැලීම සඳහා පසුගිය කාල සීමාවේදී එහි පැමිණි ඔවුන්ගේ ඥාතින් 119 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරිමට අවශ්‍ය පියවර ගෙන ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

මෙම පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳී සිටින පුද්ගලයින් බැලීමට පසුගිය මාර්තු, අප්‍රේල් සහ මැයි යන කාල සීමාවේදී අවසරය හිමි නොවූ බවද මෙහිදී යුධ හමුදාපතිවරයා අවධාරණය කළේය.

මේ අතර සේනපුර ප්‍රදේශයේදී පුද්ගලයින් 144 දෙනෙකුගේ සහ හැඳල රෝහලේදී තවත් 50 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද දිනයේදී සිදුකිරිමට නියමිතව ඇති බවට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස