කන්දකාඩුවට කොරෝනා රිංගුවේ වැලිසර නාවික කඳවුරට බෝ කළ සුදු වැල්ලෙන්මයි?

July 13, 2020 at 7:38 am | by emanisa.lk

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට කොරෝනා වෛරසය පැමිණියේ ජා-ඇල, සුදුවැල්ල ප‍්‍රදේශයේ හටගත් ප‍්‍රවාහයෙන් බවට සෞඛ්‍ය අංශ සැක පළ කරයි.

සුදුවැල්ල ප‍්‍රදේශයෙන් හදුනා ගත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් පිරිසක් නිරෝධායන කි‍්‍රයාවලියෙන් පසු යොමු කර තිබුණේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයටය.

ඔවුන්ගෙන් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට රෝගය ව්‍යාප්ත වන්නට ඇති බවට සැක පළ කෙරෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මේ පිළිබඳව කරුණු පැහැදිළි කළේය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තව දුරටත් කොරෝනා ආසාදිතයින් වාර්තාවීමේ ඉඩකඩක් ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරිණි.

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටින පුද්ගලයින් සංඛ්‍යාව 1,140 ක්. ඔවුන් සියලු දෙනා PCR  පරීක්‍ෂණ සඳහා යොමු කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇත.

වැලිසර නාවික හමුදා කඳවුරට ද කොරෝනා පැතිරුණේ ජා-ඇල සුදු වැල්ල ප්‍රදේශයෙන් බවට මෙයට පෙර අනාවරණය කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස