කන්දකාඩු කොරෝනා පොකුර පුපුරයි! ආසාදිතයන් 252ක් හමුවෙයි! සමාජ සම්ප්‍රේෂණය වළකන්න දැඩි සටනක්!

July 10, 2020 at 9:38 am | by emanisa.lk

කන්දකාඩු මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොරෝනා වෛරසය ආසාදිතයින් 196 දෙනෙකු හමු වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ එහි ඉතිරි රැඳවියන් සඳහා ඊයේ (09) දිනයේ සිදුකළ පීසීආර් පරීක්ෂණවල දී මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති බවය.

ඊයේ දිනයේ හඳුනාගත් 56 දෙනා ද සමග අදාළ මධ්‍යස්ථානයෙන් මේ වන විට ආසාදිතයින් 252 දෙනෙකු හඳුනාගෙන තිබේ.

කන්දකාඩු මධ්‍යස්ථානයේ රැඳවියන් හා කාර්යමණ්ඩලය බඳුන් කරන ලද පීසීආර් පරීක්ෂණ 338ක ප්‍රතිඵල මේ වන විට ලැබී ඇතැයි ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අදාළ පීසීආර් පරීක්ෂණ මේ වන විටත් සිදුකෙරෙමින් පවතින අතර, ඒ අනුව මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ කන්දකාඩු මධ්‍යස්ථානයේ තවදුරටත් ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය සේවා අධයක්ෂ ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස