කන්දකාඩු කොරෝනා පොකුරේ සමාජ බලපෑම අවමයි! – විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ

July 11, 2020 at 8:09 am | by emanisa.lk

කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන කිරීමේ මධ්‍යස්ථානයේ රැඳවියන්ගෙන් බහුතරයකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

කෙසේ වෙතත් කෙටි කාලයක් තුළ කන්දකාඩු කොරෝනා පොකුර අවම කර ගැනීමට හැකි වනු ඇති බව ඔහු කියාසිටියි.

පවතින තත්ත්වය මත ප‍්‍රදේශ හුදෙකලා කිරීමක් හෝ දැඩි සීමා පැනවීමේ අවශ්‍යතාවක් නොමැති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

මෙරටින් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ඊයේ වාර්තා වුණේ කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන කිරීමේ මධ්‍යස්ථානයෙනි.

ඊයේ දිනයේ හඳුනා ගැණුනු කොරෝනා ආසාදිතයින් ගණන 296කි. ඔවුන්ගෙන් 283 දෙනෙකුම වාර්තා වන්නේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙනි. එම මධ්‍යස්ථානයෙන් මෙතෙක් හදුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 339 කි.

මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන කාර්ය මණ්ඩලයේ නිවාඩු ගිය පිරිස්වල පවුලේ සාමාජිකයන්ද නිවෙස්වල ස්වයං නිරෝධායනට ලක් කර ඇති බව යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. එම මධ්‍යස්ථානයේ රාජකාරී කරන නිවාඩු ලබා නිවෙස්වල ගිය සාමාජිකයින් ගෙන්වා ගැනීමටද කටයුතු කර ඇති බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස