ද්‍රවිඩ ජාතියට ස්වයං පාලනය ලබා ගන්න එක්සත් ජාතීන් සමග සාකච්ඡා කරනවා!

February 6, 2019 at 2:07 am | by admin

ද්‍රවිඩ ජනතාවගේ අයිතීන් නොදීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටාරෙස් හමුවී සාකච්ඡා කරන බව උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා ප‍්‍රකාශ කර ඇත.

ද්‍රවිඩ ජාතීන්ට ස්වයංපාලන ලබාගැනීම සහ ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව ජාත්‍යන්තර යුද අපරාධ පරීක්‍ෂණක් ලබා ගැනීම තම අරමුණ බවද ඔහු කියා සිටියේය.

යුද අපරාධ විමර්ශනය සඳහා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශී‍්‍ර ලංකාවට ලබාදුන් කාලය මාර්තු මස අවසන් වන බව පැවසූ විග්නේෂ්වරන් මහතා ද්‍රවිඩ හිමිකම් ලබාගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම් වෙත යෝජනාවලියක් ඉදිරිපත් කරන බවද සඳහන් කර ඇත.

ද්‍රවිඩ ජාතීන්ට එරෙහිව සමූල ඝාතන ක්‍රියාදාමය තවදුරටත් සිදුවන බවට චෝදනා කළ විග්නේෂ්වරන් ද්‍රවිඩ ජනතාවගේ ඉඩම් අත්පත් කරගෙන ඇති බවත් අයිතිය ලබාදීම පැහැර හැර ඇති බවත් කීය.

ද්‍රවිඩ අයිතීන් උදෙසා තමා ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, සුරේශ් ප්‍රේමචන්ද්‍රන්, අසන්තුරේසන් සහ ආනන්දි සසිතරන්ගේ සහය ද ලබාගන්නා බව විග්නේෂ්වරන් කීවේය.

දිවයින

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *