ජනාධිපති නියෝජිතයා TNA යෝජනා අරන් ජිනීවා යයි!

March 11, 2019 at 2:01 pm | by admin

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය මතය ජිනීවාහි ප්‍රකාශ කිරීම සඳහා පත් කළ ත්‍රිපුද්ගල නියෝජිත මණ්ඩලය නියෝජනය කරන උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේෂ් රාඝවන් දෙමළ සන්ධාන යෝජනාවක් ද රැගෙන ජිනීවා යාමට සූදානම් වෙයි.

මානව හිමිකම් කොමිසමට භාර දීමට අවශ්‍ය යෝජනා තමා වෙත භාර දෙන ලෙස ආණ්ඩුකාරවරයා දැනුම් දී තිබූ අතර ඒ අනුව එම්.කේ. ශිවාජිලිංගම් සහ ආනන්දි ශෂිදරන් මෙම යෝජනාව භාර දී තිබේ.

මේ වන විටත් දෙමළ සන්ධානය මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වන දෙවන යෝජනාවට ද ශ්‍රී ලංකාව සම අනුග්‍රහය දැක්විය යුතුය යන අගමැති ප්‍රමුඛ එජාප මතය දරන අතර සිය රටේ ප්‍රශ්න තමන්ට විසඳා ගැනීමට රටේ ජනතාවට ලබා දෙන්නැයි ජනාධිපතිවරයා කරන ඉල්ලීමට දැඩි ලෙස විරුද්ධ වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස