දෙමළ ජනතාවට ස්වයං පාලන අයිතිය ඕන! නැත්නම් එජාපයට සහාය දෙන්නේ නෑ!- දෙමළ ජාතික සන්ධානය

September 24, 2019 at 9:33 am | by emanisa.lk

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මෙහෙයුම් කමිටුව සකස් කළ අවසන් වාර්තාව සම්මත කර ගෙන දෙමළ ජනතාවට ස්වයං නිර්ණන අයිතිය ලැබෙන පරිදි ඊට සංශෝධන ඇතුළත් කළ යුතු බවත් එසේ නොමැතිව පෞද්ගලික උවමනා එපාකම් අනුව එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිවරණයේ දී සහාය ලබා නොදෙන බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිමලානන්ද පවසයි.

නිශ්චිත කාලයක් ඇතුළත විසඳිය යුතු ගැටලු සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය දැනටමත් එජාපයට ලිඛිතව දැනුම් දී ඇතැයි ද හෙතෙම හෙළි කළේය.

එම කරුණු පිළිගෙන දෙමළ ජනතාවට ගෞරවාන්විතව ජීවත් වීම සඳහා උවමනා විධිවිධාන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන්නේ නම් දෙමළ ජාතික සන්ධානය එජාප ජනාධිපති අපේක්ෂකයාට සහාය ලබා දෙන බව හෙතෙම අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස