තීරණාත්මක කෘත්‍යාධිකාරී හමුව නිමයි! එජාපය දෙකඩ වීම ස්ථිරයි! රනිල් පිල අලියා ලකුණින්! සජිත් පිල දුරකතනයෙන්!

March 2, 2020 at 8:20 am | by emanisa.lk

එළඹෙන මහ මැතිවරණයට තරඟ කරන සලකුණ ඇතුළු සෙසු කරුණු පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීමට ඊයේ (01) පැවැත් වූ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ද විසඳුමකින් තොරව අවසන් වී ඇත.

එහිදි පක්ෂ සලකුණ පිළිබඳ දෙපාර්ශ්වය⁣ට එකඟතාවක් ඇති කරගත නොහැකි වී ඇති අතර අවසානයේ ඒ වෙනුවෙන් ඡන්දයක් පවත්වා තිබේ. එහිදී සජිත් පාර්ශ්වයේ 6 දෙනෙකු හැර සෙසු සියලු දෙනා අලියා ලකුණින් තරඟ කළ යුතු බවට ඡන්දය ලබා දී ඇත.

අදාළ තීන්දුවට සජිත් පාර්ශ්වය එකඟ වූ බව එජාප මහ ලේකම් අකිල විරාජ් මාධ්‍ය වෙත පැවසුවද  සජිත් පිල එය ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ තම පාර්ශ්වය දුරකතනය සලකුණ යටතේ සමගි ජන ⁣බලවේගය සමග කරඟ කරන බවය.

එසේම සමගි ජනබලවේගයේ ව්‍යවස්ථාව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිය ද මෙතෙක් එය ද ඉටු වී නැත.

මේ අනුව එළඹෙන මහ මැතිවරණයේදී එජාපය දෙකඩ වීම ස්ථිර වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස