ජේතවනේ කුණු පිරවූ සමනලී නේත්‍රදාම් පල්ලිය ගිනි ගත්තේ යැයි හඬා වැටෙයි!

April 18, 2019 at 2:26 pm | by admin

බෞද්ධයන්ගේ වන්දනාවට පාත්‍ර වන වසර දහස් ගණනක් පැරණි ජේතවන දාගැබේ ගර්භයේ කුණු පිරවිය යුතු බව කියාපාන කාටුනයක් සිය ෆේස්බුක් ගිණුමට එකතු කළ අලුත් පරපුරේ නිළියක වන සමන්මලී ෆෛාන්සේකා ප්‍රංශයේ නේත්‍රදාම් පල්ලිය ගිනි ගැනීම පිළිබඳ හඬා වැටෙමින් ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ.

මහසනේ රජු විසින් (273 – 301) ඉදි කළ ජේතවනාරාමය ලෝකයේ උසම ස්ථූපයයි. එමෙන්ම මේ දක්වා ගඩොලින් පමණක් නිර්මාණය කරන ලද විශාලතම ගොඩනැගිල්ල වේ. බුදුන් වහන්සේ පැළඳි පටී ධාතුවේ කොටසක් එහි නිදන් කර ඇතැයි විශ්වාස කෙරේ. එබැවින් මෙය පාරිභෝගික චෛත්‍යක් වේ.

ඒ අනුව ජේතවනාරාම චෛත්‍යය වසර 1700කට වඩා පැරණි එදාමෙදා තුර බෞද්ධයන් ලක්ෂ ගණනකගේ වන්දනාවට පාත්‍ර වූ බෞද්ධ උරුමයකි. නේත්‍රදාම් පල්ලිය වසර 650ක් පැරණිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස