RDA නාගදීප බැතිමතුන්ට පාර වරද්දයි! නාගදීපයට නාගවිහාරය යැයි පුවරු ගහලා!

February 17, 2019 at 9:37 am | by admin

නාගදීපයට ගමන් කරන මාර්ගයේ නිසි ආකාරයෙන් මංසලකුණු ඇතුළත් නාමපුවරු සවිකිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය ඉඩ ලබා නොදීම හේතුවෙන් එහි යන බැතිමතුන්ට නියමිත මාර්ගය සොයා ගැනීමට නොහැකිව අතරමං වන තත්ත්වයක් උදාවී ඇත.

යාපනයේ කයිට්ස් මාර්ගයේ අරාලි හන්දියෙන් වමට හැරී නාගදීපයට ගමන් කළ යුතු වුවත් එහි මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සවි කර ඇති නාමපුවරුවේ සඳහන් වන්නේ නාගදීපය නාග විහාරයට යනුවෙනි. එහෙත් නාග විහාරය යාපනය නගරයේ පවතින නිසා බැතිමතුන් කයිට්ස් මාර්ගයේ ඉදිරියට ගමන් කරයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ‘අරුණ’ ට අදහස් දැක්වූ නාගදීප රජමහා විහාරාධිපති නවදගල ඥානකිත්ති හිමියන් පැවසුවේ තමන් වහන්සේ ඒ හේතුවෙන් ඉදි කළ නිවැරදි නාම පුවරුව කිසියම් පිරිසක් විනාශ කළ බවයි.

ඒ සම්බන්ධයෙන් කයිට්ස් පොලිසියට පැමිණිල්ලක් දැම්මා. පසුව කයිට්ස් අධිකරණයට සිද්ධිය ගියා. මහෙස්ත්‍රාත්වරයා මාර්ග සංවර්ධන අධිකාරියට නියෝග කළා හරි මාර්ග සලකුණු සවිකරන්න කියලා. නාගදීපය නාගවිහාරය කියලා තමයි හරියට කියන්නේ කියලා මාර්ග සංවර්ධන අධිකාරිය කියනවා. දැන් මාස ගණනක් වෙනවා අධිකරණ නියෝගය දීලා තාමත් ඒක ක්‍රියාත්මක කළෙත් නෑ. අපිට හරි නාමපුවරුව ගහන්න දෙන්නෙත් නෑ. මේ නිසා ඇතැම් බැතිමතුන් කයිට්ස්වලට යනවා යැයි උන්වහන්සේ සඳහන් කළේය.

අරුණ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *