ජනාධිපතිවරණ ජය ගෝඨාභයටයි! විදෙස් මාධ්‍ය තහවුරු කරයි…..

November 13, 2019 at 8:37 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ ඉදිරි ජනාධිපතිවරණය ද හින්දු රොයිටර් වැනි විදෙස් මාධ්‍යවල අවධානයක් යොමු වී ඇති අතර ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට ඉඩ ඇති වඩාත් ජනප්‍රිය අපේක්ෂකයා බවට ගෝඨාභය රාජපක්ෂ පත්ව සිටින බව ඔවුන්ගේ මතයයි.

ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ නිල මත විමසුමක් පවත්වා නොමැති වුවද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් ජය ගත හැකි වඩාත් ජනප්‍රියම අපේක්ෂකයා වන අතර ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වන අමාත්‍ය සජිත් ප්‍රේමදාස මන්දගාමී ගමනක නිරත වන බව රොයිටර් පුවත් සේවයේ අදාළ වර්තාව මගින් පෙන්වා දෙයි.

ශක්තිමත් නායකයෙකු යුද්ධය නිමා කිරීම සඳහා කළ මෙහෙය මෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ජනතාව ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි බලාපොරොත්තු තබා සිටින බව ඉන්දීය ‘ද හින්දු ‘ වෙබ් අඩවිය වාර්තා කරයි.

දකුණු පළාතේ පිටිසරබද ප්‍රදේශ නියෝජනය කරන සජිත් ප්‍රේමදාසට සහාය දක්වන ඇතැම් පිරිස් පවා ප්‍රකාශ කරන්නේ එම ප්‍රදේශවල බහුතර බලය ගෝඨාභය රාජපක්ෂට හිමිවනු ඇති බව යැයි ද හින්දු වැඩි දුරටත් හෙළි කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස