ජනාධිපතිවරණයට පෙර පළාත සභා ඡන්දයට සියල්ල සූදානම්! ඌවේ ආණ්ඩුකරුත් ඉල්ලා අස්වෙයි!

August 2, 2019 at 9:15 am | by emanisa.lk

දැනට ක්‍රියාත්මක වන එකම පළාත් සභව වන ඌව පළාත් සභාවේ ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා එම තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත (01) ඊයේ භාර දී තිබේ.

ඌව පළාත් සභාව ද විසුරුවා හැර සියලු පළාත් සභා මැතිවරණ එකවර තැබීමේ ජනාධිපතිවරයාගේ සැලසුමට අනුව මෙම ඉල්ලා අස්වීම සිදු වූ බව ඇතැම් දේශපාලන විශ්ලේෂකයෝ පවසති. ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ ද අනුමැතිය පසුගියදා ලැබිණි.

පළාත් සභාවක් විසුරුවා හැරීමෙන් පසු එහි සම්පූර්ණ බලය ආණ්ඩුකාරවරයා යටතට පත්වන අතර ඒ අනුව ජනාධිපතිවරයා කැමති පුද්ගලයකු පත්කර ගැනීමට අවස්ථාව සලසා දෙමින් මෙම ඉල්ලා අස්වීම සිදුවූ බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් පෙන්වා දෙයි.

පළාත් සභා මැතිවරණය ඔස්සේ කිසියම් ඡන්ද ප්‍රමාණයක් ලබා ගෙන ජනාධිපතිවරණය අවස්ථාවේ සිය කේවල් කිරීමේ බලය නංවා ගැනීම ජනාධිපති ප්‍රමුඛ ශ්‍රීලනිපයේ අරමුණ බව ද පැවසෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස