ඒකාධිපති ගමන නවතනු! වහාම පළාත් සභා මැතිවරණ තබනු! – ආණ්ඩුකාරවරු

February 2, 2019 at 7:06 am | by admin

මේ වන විට මහජන නියෝජිතයන් නොමැතිව රාජ්‍ය නිලධාරීන්ගේ පාලනයට නතුව ඒකාධිපති පාලනයට ගොදුරු වී ඇති පළාත් සභා සඳහා වහාම මැතිවරණ පවත්වන ලෙස එම පළාත් සභාවල ආණ්ඩුකාරවරු ඉල්ලා සිටිති.

අගමැතිවරයා ඉවත් කළ අවස්ථාවේ එය ප්‍රජාතන්ත්‍රවාදී විරෝධි බව පවසමින් උපවාස කළ සිවිල් සංවිධාන නියෝජිතයන් අද කොහි දැයි එහි දී ප්‍රශ්න කළේය. මහ ඇමති ඇමති බලතල රැගෙන තමන්ට ඒකාධිපති ලෙස හැසිරීමේ උවමනාවක් නැතැයි ද එහි දී අවධාරණය කෙරණි.

මේ අවස්ථාවට පළාත් හයක් නියෝජනය කරමින් ආණ්ඩුකාරවරු සහ පළාත් ලේකම්වරු එක්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *