ජනපති ගෝඨා යටතේ සජිත් අගමැති කරන්න ජනතාව තීින්දු කරලා ඉවරයි! – අජිත් පී.

January 19, 2020 at 9:43 am | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ අගමැති ධුරයට සජිත් ප්‍රේමදාස පත්කිරීමට ජනතාව තීිරණය කර ඇති බවත් එය සිදුවනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසයි.

“ඊළඟ මහ මැතිවරණය සඳහා අපි ඉදිරිපත් වන ආකාරය පිළිබඳ අපි මේ වන විටත් සාකච්ඡා කරලා තියෙන්නේ. බොහෝමයක් ගම්වල ජනතාව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සමග වැඩ කිරීමට විශාල කැමැත්තක් දක්වනවා.

ඒ නිසා සජිත් ප්‍රේමදාසගේ නායකත්වයක් යටතේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් කියන විශ්වාසය තිබෙනවා.

පාර්ලිමේන්තුව තුළ බහුතරය ලබාගෙන සජිත් ප්‍රේමදාස අගමැතිවරයා ලෙස පත්වුවහොත් ගෝඨාභය රාජපක්ෂ ජනපති, සජිත් ප්‍රේමදාස අගමැති කියන කාරණය සැබෑවක් බවට පත් වෙනවා. ඒ නිසා ජනතාව තීරණය කරලා ඒ ජනතා තීන්දු මත මෙය සිදුවෙයි කියන විශ්වාසය අපිට තිබෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස