ඡන්ද තියන දවස තීන්දු කරන්නේ අපි! ඒ තීන්දුවට ආණ්ඩුවට බලපෑම් කරන්න බෑ! – මහින්ද දේශප්‍රිය…

April 20, 2020 at 3:57 pm | by emanisa.lk

වෛරසයේ අවදානම සමඟ කල් දමා ඇති මහ මැතිවරණයට දින නියම කිරීමේ අයිතිය මැතිවරණ කොමිසම සතු බවත් කල් තැබීමට හෝ පැවැත්වීමට කොමිසමට බලපෑම් කිරිමට කිසිවෙකුට නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

සිය ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා සඳහන් කරන්නේ මැතිවරණ කොමිසම තුළ කතා කළ යුතු දේ විශේෂයෙන්ම විවාදයට තුඩුදෙන හෝ සමාජය සංවේදී කරුණු කොමිසම තුළ සාකච්ඡා කිරීමට පෙර ඒ පිළිබඳ ජනමාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරීම තමා හෝ මැතිවරණ කොමිසම අනුගමනය කරන ක්‍රියාමාර්ගයක් නොවන බවයි.

මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ මහ මැතිවරණය පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් සිය ස්ථාවරය සටහන් කර තිබේ.

සිය සටහන මඟින් ඒ මහතා පෙන්වාදෙන්නේ මහමැතිවරණය පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම තුළ කතා කළ යුතු දේ විශේෂයෙන්ම විවාදයට තුඩුදෙන හෝ සමාජය සංවේදී කරුණු කොමිසම තුළ සාකච්ඡා කිරීමට පෙර ඒ පිළිබඳ ජනමාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරීම තමා හෝ මැතිවරණ කොමිසම අනුගමනය කරන ක්‍රියාමාර්ගයක් නොවන බවයි.

ඒ අනුව තමා දරණ මතය දැනට ප්‍රකාශයට පත්කළ නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් පවසයි.

එමෙන්ම පවතින තත්ත්වය පිළිබදව සියලු කරුණු මෙන්ම සෑම විකල්ප ක්‍රියාමාර්ගයක් පිළිබඳව සාකච්චා කරන නමුත් කල් තබා ඇති මැතිවරණය පැවැත්වීමේ දින වකවානු තීරණය කිරීමේ බලය මැතිවරණ කොමිසම සතු බවයි.

ඒ පිළිබඳ විවිධ අදහස් ජනමාධ්‍ය තුළ පළ වූ නමුත් එම දිනවකවානු තීරණය කිරීමේ බලය එනම් කල්තබන ලෙස හෝ කඩිනමින් පවත්වන ලෙස හෝ නොයෙකුත් අදහස් ප්‍රකාශ වුවද ඒ කිසිවකින් මැතිවරණය කල්තැබීමට හෝ පැවැත්වීමට හෝ මැතිවරණ කොමිසන් සභාවට නියම කිරීමේ බලපෑම කළ නොහැකි බවද ඒ මහතා සිය ෆෙස්බුක් ගිණුමේ සටහන් කර තිබේ.

කෙසේවෙතත් කොමිසම වෙත සන්නිවේදනය කරන ලද සෑම කරුණක් හා රටේ තත්ත්වය විශේෂයෙන්ම වසංගතය නිසා සහ එය පාලනය කිරීම සඳහා පනවා ඇති නියමන් පිළිබඳව මෙන්ම නිදහස් හා සාධාරණ විනිවිද බවින් යුතු හා විශ්වාසනීය ඡන්ද විමසීමක් පැවැත්වීමට අවශ්‍ය යහපත් වාතාවරණය ඇතිකර ගැනීම සම්බන්ධයෙන්ම තරගය සමභුමියේ සටනක් ලෙස පැවැත්විය යුතු බව කොමිසම විසින් සලකා බලනු ලබන බවයි.

එමෙන්ම සභාපතිවරයට වැඩිදුරටත් අවධාරණය කරනු ලබන්නේ තමාගේ පක්ෂපාතීත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, ප්‍රජාතන්තවාදයට හා ජනතාවට බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස