ජාත්‍යන්තර සෞඛ්‍ය විශේෂඥයන් කියන තුරු මැතිවරණ එපා! – දෙමළ සන්ධානය

April 19, 2020 at 11:31 pm | by emanisa.lk

කොරෝනා වසංගත තත්ත්වය සහමුලින්ම පාලනන කරන තෙක් මහ මැතිවරණය පැවැත්වීම නුසුදුසු වගකීම් විරහිත භයංකර ක්‍රියාවක් බව දෙමළ ජාතික සන්ධානය පවසයි. එහෙයින් පවතින තත්ත්වය හමුවේ මැතිවරණය නොපවත්වන ලෙසට මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටීයි.

වත්මන් තත්ත්වය මැද මැතිවරණයක් පැවැත්වීම මහජන ආරක්ෂාවට විශාල තර්ජනයක් වනු ඇති බවත් දේශීය හා ජාත්‍යන්තර සෞඛ්‍ය විශේෂඥයින් වසංගත තත්ත්වයෙන් ආරක්ෂා කරගත් බව සනාථ කරන තෙක් මැතිවරණයක් කරා යා යුතු නැති බවත් පෙන්වා දෙයි.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් විසින් එම සන්ධානයේ පක්ෂ ත්‍රිත්වයේම නායකයින්ගේ අත්සනින් යුතුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රමුඛ කොමිසම වෙත ලිපියක් යවමින් මේ බව අවධාරණය කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස