මහ මැතිවරණය කොටස් වශයෙන් පැවැත්වීමේ යෝජනාවක්!

April 19, 2020 at 10:12 am | by emanisa.lk

රට තුළ පවතින කොරෝනා වෛරස රේගය පාලනය වී ජනජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වීමට තව මාස කිහිපයක් ගතවිය හැකි බැවින් පාර්ලිමේන්තු මහ මැතිවරණය කොටස් කිහිපයකට ප්‍රාදේශීය මට්ටමින් පැවැත්වීමේ යෝජනාවක් දේශපාලන පක්ෂ කිහිපයකින් සහ විද්වත් පිරිසකගෙන් ඉදිරිපත් වී ඇත.

මෙ මැතිවරණ කොමිසමට ඉදිරිපත් කර සියලු පක්ෂවල එකඟතාව මත ක්‍රියාත්මක කිරීම කෙරෙහිද අවධානය යොමු වී තිබේ. පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැ.තිවරණ කොමිසමද හෙට (20දා) රැස්වීමට නියමිතය. නාමයෝජනා කැඳවීමෙන් පසු පළමුවරට පවත්වන මෙම රැස්වීමේදී මෙම යෝජනාව කෙරෙහි අවධානය යොමුකරවීමටද අදාළ පක්ෂ බලාපොරොත්තු වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 8 වැනි පාර්ලිමෙන්තුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් මඟින් මාර්තු මස 02 වැනිදා විසුරුවාහැර අප්‍රේල් මස 25 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට පියවර ගනු ලැබීය. නමුත් පවතින කොරෝනා වෛරස රෝග තත්වය හමුවේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් නාමයෝජනා භාර ගැනීමෙන් පසු මහ මැතිවරණය පවත්වන දිනය කල්තබනු ලැබීය.

හෙට රැස්වන මැතිවරණ කොමිසම මැතිවරණය පවත්වන දිනය සම්බන්ධව සහ ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා විසින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත එවා ඇති ලිපිය සම්බන්ධවද විශේෂ අවධානයක් යොමු කිරීමමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි.

– ඉරිදා දිවයින –

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස