මහ මැතිවරණයට පසු ජනතා බලය ඇතිව සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ වගකීම ද තමන් අනිවාර්යෙන් භාරගන්නා බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
යමෙකු වසළයකු හෝ බ්‍රාහ්මණයකු වන්නේ කරන ක්‍රියාවෙන් බවත් අද වන විට වසළයා කවුද බ්‍රාහ්මණයා කයුද යන්න ජනතාවට තේරුම්ගත හැකි බවත් හෙතෙම සඳහන් කළේය.
සමගි ජනබලවේගයට එරෙහිව එජාපය අධිකරණයේ ගොනුකළ පෙත්සම විභාගයට නොගෙනම ඉවත දැමීමෙන් පසු ඊයේ (09) මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.