පක්ෂ නායකත්වය දෙනවා නම් අගමැති අපේක්ෂක අං තට්ටුව පැළඳ ගන්න සූදානම්! – සජිත්

December 20, 2019 at 10:51 pm | by emanisa.lk

පසුගිය ජනාධිපතිවරණයේ සිය ප්‍රතිවාදී අපේක්ෂකයා ඉතාම වාසනාවන්ත බවත් කිසිවකු ඔහුගේ කකුලෙන් නොඇද්ද බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස පවසයි.

එහෙත් තම අතින් පයින් පමණක් නොව සියලුම තැන්වලින් ඇද්ද බව ද ඔහු හෙළි කළේය.

මේ අවස්ථාවේ අගමැති අං තට්ටුව තමන්ට පැළඳවීමට උත්සාහ කරන බවත් එය භාරගැනීම සඳහා පක්ෂ නායකත්වය උවමනා බවත් සජිත් ප්‍රේමදාස අවධාරණය කළේය.

එසේ නොමැති අගමැති අපේක්ෂකත්වය ගෙන සිරිකොත වසා දැමුවහොත් තමන්ට කළ හැකි දෙයක් නැතැයි හෙතෙම සඳහන් කළේය.

අද (20) බණ්ඩාරගම පැවති ජනහමුකව දී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස