ගෝඨාගේ දිනූ පසු පාර්ලිමේන්තු බලය අල්ලන්නත් සූදානම්! වසන්ත සමග එජාපයේ 12ක් රහසේ හමුවෙති!

November 12, 2019 at 11:47 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළ වහාම පාර්ලිමේන්තු බහුතරය පෙන්වා අගමැති ධුරය ද තමන් සතු කර ගැනීමට එම කඳවුර දැනටමත් සැලසුම් සකස් කර අවසන් බව වාර්තා වෙයි.

ඒ සඳහා එක් මෙහෙයුමක් දියත් කර ඇත්තේ මෑතක ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට එකතු වූ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක විසිනි. ඔහු පසුගියද කොළඹ එක්තරා තරු පන්තියේ හෝටලයක දී එජාප මන්ත්‍රී පිරිසක් මුණ ගැසී මේ පිළිබඳ සාකච්ඡා කර ඇති අතර ඒ සඳහා රාජපක්ෂ පවුලේ ප්‍රබලයෙක් ද සහභාගී විය.

මෙහිදී ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළ පසු එජාපයේ සිටම පාර්ලිමේන්තු බහුතරය පෙන්වීම අවශ්‍ය වූ විට එයට උදව් කිරීමට මෙම මන්ත්‍රී පිරිස එකඟ වී තිබේ. ඒ අවස්ථාවට එජාප මන්ත්‍රීවරු 12ක් පමණ සහභාගී වී අතර එම පක්ෂයේ පුත්තලම අම්පාර ප්‍රදේශවල මන්ත්‍රීවරුන් මේ සඳහා වැඩි උනන්දුවකින් කටයුතු කරන බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස